විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය රටට සුබ ආරංචියක්
2024-06-27 15:30:01
Share with:

මෙරට ණයවර ලිපියක් පවා නොපිළිගත් ජාත්‍යන්තරය මේ වනවිට ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වසනීය සහතිකයක් ලබා දී ඇති බව ජනපති පවසයි. ඇතැම් පුද්ගලයින් ජනපති ධුරය වෙනුවෙන් වෙහෙසෙද්දී තමන් රට වෙනුවෙන් කැපවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (26) රාත්‍රියේ ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත්ව සිටි රටක් ලෙස වසර දෙකක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබාගැනීම ජයග්‍රහණයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා, මෑත ඉතිහාසයේ ආර්ථික අගාධයකට වැටී තිබූ ලොව කිසිදු රටක් මෙතරම් කෙටි කාලයක් තුළ මෙවැනි සාර්ථකත්වයකට පත්ව නොමැති බව ද එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම