ගෝලීය ආර්ථික සංවර්ධනයට චීනයේ ඉහළ දායකත්වය යළි පිළිබිඹු කළ ගිම්හාන ඩාවොස් සංසදය
2024-06-27 16:39:54
Share with:

පසුගිය 25වනදා සිට 27වනදා දක්වා චීනයේ Dalian නගරයේ පැවැත්වූ  ගිම්හාන ඩාවොස් සංසදයට ලොව පුරා100කට වැඩි රටවල් හා කලාපවල දේශපාලන, වාණිජ හා ශාස්ත්‍රීය යන ක්ෂේත්‍රවල පුද්ගලයින් 1700ක පමණ පිරිසක් සම්බන්ධ වී ඇත. මෙවර එහි පරිමාණය, සංවාද සංඛ්‍යාව මෙන්ම සහභාගී වූවන්ගේ සංඛ්‍යාව ද නව වාර්තාවක් පිහිටුවීය.

ගෝලීය සමස්ත ආර්ථිකය තුළදී, චීනය ඇතුළු නැඟී ‍එන ආර්ථිකයන්ගේ වැදගත් කාර්යභාරය වඩාත් කැපී පෙනෙන බව පැහැදිලිය. මෙවර සංසදයේදී චීනය සිව්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. එනම්, විද්‍යා තාක්ෂණික සහයෝගිතා පුළුල් කිරීම, හරිත සංවර්ධනයෙහි නියැලී සිටීම, විවෘත වෙළඳපොල පරිසරය ආරක්ෂා කිරීම හා පොදු ප්‍රතිලාභ සහිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමය. 

වර්තමාන ජාත්‍යන්තර පරිසරයේ සංකීර්ණ තත්ත්වය හමුවේ උසස් ගුණාංග සංවර්ධනය හා උසස් මට්ටමේ විවෘතභාවය ක්‍රියාත්මක කරන චීනය ගෝලීය ආර්ථික ස්ථාවරත්වයට නිශ්චිත බවක් නිර්මාණය කර දී ඇත. එමෙන්ම විදේශ ආයෝජකයින් සඳහා චීනයේ සිය අනාගත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට වඩා පුළුල් අවකාශයක් ද සලසා දී තිබෙන බව සාකච්ඡාවට එක්වූ ජපානයේ ORIX සමූහයේ චීන කලාප සභාපති ලියු ගෝපිං මහතා ප්‍රකාශ කළේය.

නවෝත්පාදනය සඳහා CATL සමාගම විශාල වශයෙන් ආයෝජනය කළ බව සාකච්ඡාවට සහභාගී වූ චීනයේ බැටරි නිෂ්පාදක CATL සමාගමේ සභාපති සෙන්ග් යූචුන් මහතා කියා සිටියේය. ප්‍රධාන පෙළේ බැටරි ප්‍රතිචක්‍රීකරණ තාක්ෂණ මගින් තම සමාගමේ ‘ලිතියම් ප්‍රතිචක්‍රීය අනුපාතය’ සියයට 92ක් දක්වා වැඩි වූ බවත්, ස්වභාවික පරිසරය ආරක්ෂා කරමින් දේශගුණ විපර්යාසයට මුහුණ දීම හා අඛණ්ඩ සංවර්ධනය සඳහා තම සමාගමට කැප වී කටයුතු කළ හැකි බවත් ඔහු පෙන්වා දී ඇත. 

ලෝක ආර්ථික සංසදය අලුතෙන් නිකුත් කළ ‘කර්මාන්ත සඳහා දිශානතිය දක්වන පුරෝගාමී කර්මාන්ත ශාලාවල’ නාමාවලියට අලුතෙන් ඇතුළත් වූ කර්මාන්ත ශාලා 153 අතරට චීන ව්‍යාපාර 62ක් අයත් වේ. ප්‍රකාශ වොල්ටීයතා හා නව බලශක්ති වාහන පිළිබඳ උසස් නව තාක්ෂණික ව්‍යාපාර ද ඊට ඇතුළත් ය. එසේම එම නාමාවලියට ඇතුළත් වන වැඩිම කර්මාන්ත ශාලා ප්‍රමාණයක් චීනයේ පවතී.

මේ අතර මෑතකදී ජාත්‍යන්තර සංවිධාන හා ආයතන රැසක් චීනයේ ආර්ථික පුරෝකථනය පිළිබඳ ධනාත්මක අදහස් ඉදිරිපත් කර තිබේ. මේ අනුව ගෝලීය විවිධ ක්ෂේත්‍ර චීන ආර්ථිකයේ ඉදිරි දැක්ම කෙරෙහි දක්වන විශ්වාසය මනාව පිළිබිඹු වී තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම