චීන හා වියට්නාම විදේශ ඇමතිවරුන් අතර හමුවක්
2024-06-27 14:03:19
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික, චීන විදේශ අමාත්‍ය වං යී මහතා, වියට්නාම විදේශ ඇමති Bui Thanh Son මහතා හමුවෙයි. මෙම හමුව ඊයේ (26) චීනයේ බෙයිජිං නුවර දී පැවැත්විණ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, වියට්නාම අග්‍රාමාත්‍ය Phạm Minh Chính මහතා හමු වී මිත්‍රශීලී මෙන්ම ඵලදායී සාකච්ඡා පවත්වා ඇති බව වං යී මහතා මෙහිදී පැවසීය. එම හමුව චීන-වියට්නාම සබඳතා වර්ධනයට නව ජවයක් තිළිණ කර ඇත. ෂී ජින් පිං මහතාගේ ඓතිහාසික වියට්නාම සංචාරයේ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම සඳහා එරට දරන පූර්ණ උත්සාහය චීනය අගය කරයි. වියට්නාමය සමඟ එක්ව දෙරට නායකයන් ඇති කර ගත් වැදගත් එකඟතා ක්‍රියාවට නැංවීමට චීනය සූදානමින් සිටින බව ද වං යී මහතා පැවසීය.

චීනය තම රටේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛතාවක් සහ උපායමාර්ගික තේරීමක් ලෙස වියට්නාමය සෑමවිටම සලකන බව,  Bui Thanh Son මහතා මෙහිදී පැවසීය. චීනය සමඟ සියලු මට්ටම්වල හුවමාරු සහ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කරමින්, සමාජවාදී ජනතා මෙහෙවර පිළිබඳ අරමුණ ඒකාබද්ධව ඉදිරියට රැගෙන යාමට වියට්නාමය සූදානමින් සිටින බව ද ඔහු කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම