2024 මැයි මස අපනයන ආදායම ඉහළට
2024-06-27 15:31:11
Share with:

 

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමරිකානු ඩොලර් මිලියන 960.2 ක් වූ අතර එය පෙර මාසයට සාපේක්ෂව 9.4% ක වර්ධනයකි. එමෙන්ම 2023 මැයි මාසයට සාපේක්ෂව 2024 මැයි මාසයේ අපනයන කාර්ය සාධනය 5.81% කින් අඩු වී ඇති බව ද එම දත්ත පෙන්වා දෙයි.

2024 මැයි මාසය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 327.35 ක් වූ අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 21.24% ක වැඩිවීමකි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 මැයි මාසය සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 1,287.59ක් ලෙස සටහන් වී ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම