චීනය හා සර්බියාව අතර නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මකයි
2024-06-27 11:45:56
Share with:

එළඹෙන ජූලි මස පළමු දා සිට චීනය හා සර්බියාව අතර නිදහස් වෙළඳ ගිවිසුම දෙරට අතර බලාත්මක වන බවට දෙරට එකඟතාව පළ කරයි. එම ගිවිසුමේ අදාළ වගන්ති අනුව චීන රාජ්‍ය මණ්ඩලයේ තීරු බදු කටයුතු පිළිබඳ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ. එළඹෙන ජූලි මස පළමු දා සිට සර්බියාවෙන් ආනයනය කළ ඇතැම් භාණ්ඩ කෙරේ එම නිදහස් වෙළඳ ගිවිසුමෙන් නියම කර ඇති අවම තීරු බදු අනුපාතික ක්‍රියාත්මක කෙරෙන බව එහි දැක්වේ. චීන-සර්බියානු වෙළඳ හා ආයෝජන සහයෝගිතා විභවය ප්‍රවර්ධනය කරමින් ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සහයෝගිතාව වඩාත් ඉහළ මට්ටමකට ගෙන යාම සඳහා චීන- සර්බියානු නිදහස් වෙළඳ ගිවිසුම වැදගත් රුකුලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම