CGTN සමීක්ෂණයකින් හෙළිදරව් වූ සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම පිළිබඳ ගෝලීය ප්‍රජාවගේ මතය
2024-06-27 22:00:59
Share with:

CGTN සිදු කළ ගෝලීය මත විමසුමට අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 83.5ක් චීනය ඉදිරිපත් කළ සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම කෙරෙහි සිය ප්‍රශංසාව පළ කර ඇත.

භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය, අන්‍යෝන්‍ය නොවන ආක්‍රමණශීලීත්වය, එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, සමානාත්මතාවය සහ සාමකාමී සහජීවනය යන පස්වැදෑරුම් මූලධර්ම පිළිබඳව ගෝලීය ප්‍රජාව දරන මතය විමසීම සඳහා මෙම සමීක්ෂණය සිදු කර ඇත.  

මීට වසර 70 කට පෙර චීනය ඉදිරිපත් කළ සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම වර්තමාන කැළඹිලි සහිත ලෝකයට වඩා වැදගත් වනු ඇත. මෙම සමීක්ෂණයේදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන්  සියයට 82 ක් චීනය ලෝක සාමය සුරක්ෂිත කිරීමේ වැදගත් බලවේගයක් ලෙස අගය කර ඇත. එමෙන්ම සියයට 83.5ක් මෙම මූලධර්ම මගින් ඉදිරිපත් කෙරෙන ස්වෛරීත්වය, යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉතා උසස් ලෙස අගය කර ඇති අතර, සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමට චීනය දායක වනු ඇති බවට ද විශ්වාසය පළ කරති.

 මේ අතරින් සමානාත්මතාවයේ මූලධර්මයට විශාල ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිව ඇත. එමෙන්ම සියලු රටවල් එකිනෙකාගේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන උත්සාහයන්ට ගරු කළ යුතුය. මෙම මත විමසුමට අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 80.8 ක් රටවල් සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ආරක්ෂා කළ යුතු බවත්, වෙනත් රටවලට එරෙහි අධිපතිවාදයට, බල දේශපාලනයට සහ අත්තනෝමතික සම්බාධකවලට විරුද්ධ විය යුතු බවත් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මෙහිදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 78.4 ක් සංවර්ධනය ගෝලීය පාලන ගැටළු සඳහා මූලික විසඳුම බව සඳහන් කර ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර සංවර්ධනයේ දුර්වලතා සහ අසමතුලිතතා අවම කිරීමට උත්සාහ කළ යුතු බව සහභාගී වූවන්ගෙන් සියයට 82 ක් ප්‍රකාශ කර ඇත. මේ අතර  ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 84.7ක් ගෝලීය ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධනය සුරක්ෂිත කිරීමට විවිධ සහයෝගීතා පවත්වන ලෙස  ඉල්ලා සිටී.

එමෙන්ම ආරක්ෂාව යනු සංවර්ධනයේ පූර්ව අවශ්‍යතාවකි.  සමීක්ෂණයේ දී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 85.6 ක් සමතුලිත, ඵලදායී සහ තිරසර සුරක්ෂිත පරිසරයක්  නිර්මාණය කර ගත යුතු බව කියා සි‌ටී . ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 79.4 ක් විශ්වාස කරනුයේ ප්‍රධාන රටවල් සිය ශක්‍යතාවන්ට සරිලන ලෙස සක්‍රියව  ජාත්‍යන්තර වගකීම් ඉටු කළ යුතු බවයි. සියයට 85 ක් පවතින මත ගැටුම් වළක්වා ගනිමින් සහයෝගීතාවය ඔස්සේ ගෝලීය සමගිය පවත්වා ගැනීමේ වැදගත්කම පෙන්වා දී ඇත.

වඩාත් සාධාරණ ජාත්‍යන්තර ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා චීනය දරන උත්සාහය ගෝලීය ප්‍රජාව ඉතා ඉහළින් අගය කරන බව ද  සමීක්ෂණ ප්‍රතිඵල මගින් පෙන්වා දෙයි. ඒ් අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 74.4 ක් විශ්වාස කරනුයේ චීනයේ විදේශ ප්‍රතිපත්තිය ලෝක සාමය පවත්වා ගැනීමට දායක වන බවයි. එමෙන්ම තවත් සියයට 84.7 ක් අපේක්ෂා කරනුයේ තම රට චීනය සමග සමීප සබඳතාවක් පවත්වා ගත යුතු බවයි. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 76.4 ක් චීනය, වගකිවයුතු ප්‍රධාන රටක් ලෙස, ලෝකය වෙනුවෙන් ඵලදායී දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරති. 

CGTN සිදු කළ මෙම ගෝලීය මත විමසීම් දෙක සඳහා ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ජපානය වැනි සංවර්ධිත රටවල් මෙන්ම පාකිස්ථානය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව යන සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළු ලොව පුරා රටවල් 36 ක පුද්ගලයින් 11,706 දෙනෙකු සම්බන්ධ වී තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම