ශ්‍රී ලංකාව කාන්තාවන්ට නායකත්ව අවස්ථා ලබාදීමේ පුරෝගාමී රටක් බව අගමැති පවසයි
2024-06-27 18:21:56
Share with:

ශ්‍රී ලංකාව කාන්තාවන්ට නායකත්ව අවස්ථා ලබාදීමේ පුරෝගාමී රටක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. “කාන්තා දේශපාලන නියෝජනය තුළ සමාජ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම” යන මැයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා පළාත් පාලන ජාලය (ComWLG) සහ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සම්මේලනය (FSLGA) සංවිධාන කළ දකුණු ආසියානු කලාපීය රැස්වීමට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

පළාත් පාලන ආයතනවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ශක්තිමත් කිරීම සඳහා සාමූහික කැපවීම තමන් අගය කරන බවත්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල අඛණ්ඩ උත්සාහය තිබියදීත්, තේරී පත් වූ ආයතනවල කාන්තා නියෝජනය අසතුටුදායක මට්ටමක පවතින බවත් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම