එක්සත් ජාතීන්ගේ මානවහිතවාදී සහනාධාර සැලැස්මට ඇමරිකානු ඩොලර් බිලියන 48ක මුදලක් ඒ සඳහා අවශ්‍ය ප්‍රකාශ කෙරේ
2024-06-26 10:46:35
Share with:

මේ වසරේ එක්සත් ජාතීන්ගේ මානවහිතවාදී සහනාධාර සැලැස්මට ඇමරිකානු ඩොලර් බිලියන 48ක මුදලක් ඒ සඳහා අවශ්‍ය වන අතර මාස 6ක් ගත වී මේ වනවිට එම සැලැස්ම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 8ක මුදලක් ලැබී ඇතැයි එක්සත් ජාතීන්ගේ මහා ලේකම් Antonio Guterres මහතා ඊයේ(25) පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සලය පැවැත්වූ මානවහිතවාදී කටයුතු පිළිබඳ උත්සවයට Antonio Guterres මහතා වීඩියෝ දේශනයක් සිදු කරමින් පැවසුවේ ගැටුම්, සටන්, දේශගුණ අර්බුදය මානවයන්ට විපත් ගෙන එන බවයි. කුසගින්න, අවතැන් ස්ථානවල රැඳී සිටීම ඇතුළු තත්ත්වයන්‍ට මුහුණ දෙන පුද්ගලයන් මිලියන ගණනාවක් වෙනුවෙන් මානවහිතවාදී සහනාධාරය, එකම බලාපොරොත්තුව බව Antonio Guterres මහතා කීය.

මුදල් හිඟය මානවහිතවාදී උත්සාහය අඩපණ කරන අතර මානවහිතවාදී සහනාධාර සැලැස්මට අවශ්‍ය මුදල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් විසින් කඩිනමින් සැපයිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. බහුපාර්ශ්වවාදී පොරොන්දු අනුගමනය කරන ලෙසත් දේශපාලන ක්‍රමයෙන් වත්මන් ගැටුම් හා දේශගුණ අර්බුදය විසඳන ලෙසත් Antonio Guterres මහතා එම සංවිධානයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම