චීන ව්‍යවසායන්ගේ අනුග්‍රහකත්වයෙන් පැවැත්වෙන 2024 යුරෝපා පාපන්දු ශූරතාවලිය
2024-06-26 15:42:22
Share with:

2024 වසරේ යුරෝපා පාපන්දු ශූරතාවලිය මේ දිනවල ජර්මනියේ දී පැවැත්වේ. පශ්චාත් වසංගත සමයේ පළමු සහ ඉහළම මට්ටමේ ගෝලීය පාපන්දු ක්‍රීඩා උළෙල වශයෙන් 2024 වසරේ යුරෝපා පාපන්දු ශූරතාවලිය ලෝක පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණය දිනා ගෙන ඇත. එමෙන්ම මේ සඳහා අනුග්‍රහය ලබාදුන් සමාගම් ගෝලීය වාණිජ හා වෙළඳ ක්ෂේත්‍රයේ ද අවධානයට ලක්ව ඇත. මෙවර යුරෝපා පාපන්දු ශූරතාවලිය සඳහා “ගෝලීය සහයෝගිතා හවුල්කරුවන්”ලෙස සමාගම් 13ක් ඉදිරිපත් ව සිටී. ඒ අතරින් Vivo, BYD, Alipay, AliExpress සහ Hisense යන චීන සන්නාම පහ තිබීම විශේෂත්වයකි. එම සමාගම් පහ වෙන් වෙන් වශයෙන් නියෝජනය කරන්නේ ස්මාර්ට් ජංගම දුරකථන, නව බලශක්ති මෝටර් රථ, මුදල් ගෙවීමේ තාක්ෂණ, ඊ-වාණිජ වෙළඳාම සහ සුහුරු ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ යන ක්ෂේත්‍රයන් ය. එම ක්ෂේත්‍ර ලෝකයේ නැඟී එන කර්මාන්තවලට අයත් ක්ෂේත්‍ර ලෙස කැපී පෙනේ.

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසව් වෙනුවෙන් අනුග්‍රහය ලබාදීමේ අවස්ථාව චීනයට ප්‍රථම වරට හිමි වූයේ 2016 වසරේදී ය. එතැන් සිට එවැනි අවස්ථාවන් ලබාගැනීම සඳහා චීන ව්‍යවසායන් අප්‍රමාණ ප්‍රයත්න දරා තිබේ. ගෙවුණු දශක කිහිපයේ චීන ආර්ථික වර්ධනය, චීන කර්මාන්ත හා ව්‍යවසායන්වල ප්‍රතිසංස්කරණ මෙම ජයග්‍රහණයට හේතු වී ඇත.

යුරෝපා පාපන්දු ශූරතාවලිය වැනි දැවැන්ත ගෝලීය ක්‍රීඩා තරගාවලි චීන සමාගම් සිය අනුග්‍රාහකයන් ලෙස තෝරාගෙන තිබීම විශේෂ වැදගත්කමින් යුක්ත ය. එසේ තෝරා ගැනීමට බලපෑ සාධක වශයෙන්, චීන ව්‍යවසායන්වල වාණිජ හා වෙළඳ විභවය පමණක් නොව, චීනය නවෝත්පාදනයට මුල්තැන දෙන ආර්ථික ප්‍රතිසංස්කරණ උපායමාර්ගය සහ ඉන් ගෝලීය නව තාක්ෂණ‍ මෙහෙයවීමේ හැකියාව ද දක්නට ලැබේ. චීන ව්‍යවසායන්වල ගෝලීය බලපෑම් දිනෙන් දින වර්ධනය වීම හේතුවෙන් ඉදිරියේදී තවත් වැදගත් ගෝලීය ක්‍රීඩා තරගාවලි වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට ඉඩකඩ පවතින බව නිසැක ය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම