චීන ජනපති වියට්නාම අගමැති හමුවෙයි
2024-06-26 16:39:30
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින වියට්නාම අග්‍රාමාත්‍ය Pham Minh Chinh මහතා හමුවෙයි. ඒ අද (26) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ය. 

වියට්නාමය සමග උපායමාර්ගික සංවාදය තහවුරු කරමින් අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගන්නා සහයෝගීතා පුළුල් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. 

චීන ව්‍යවසායන් වියට්නාමයේ සිදු කරන ආයෝජන ඉහළ නැංවීමට සිය සමාගම් දිරිමත් කරන බව ෂී ජින්පිං මහතා සඳහන් කර ඇත. චීන ව්‍යවසායන්ට සාධාරණ, යුක්ති සහගත හා වෙනස්ව සැලකීමකින් තොර ව්‍යපාරික පරිසරයක් වියට්නාමය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සමුද්‍රීය ප්‍රශ්න නිසි ආකාරයෙන් පාලනය කරමින් පොදු සමුද්‍රීය සංවර්ධනය ඉදිරියට ගෙන යමින් ප්‍රාදේශීය සාමය හා ස්ථාවරත්වය පොදුවේ සහතික කළ යුතු බව ද හෙතෙම පැවසීය.  

චීනය තුළ පක්ෂ හා රටේ පරිපාලනයේ නව දැක්ම හා භාවිතයන් සමග ලබා ගෙන ඇති නව ජයග්‍රහණ අධ්‍යයනය කරමින් වියට්නාමය චීනය සමග එක්ව පොදු සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට කැමැත්තෙන් සිටින බව Pham Minh Chinh මහතා එහිදී ප්‍රකාශ කළේය. තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනය දරන ස්ථාවරයට සහාය දෙන වියට්නාමය එකම චීනය මූලධර්මය ස්ථිර ලෙස අනුගමනය කරයි. වියට්නාම-චීන උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය හා ප්‍රායෝගික සහයෝගිතා තවදුරටත් තහවුරු කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් නිර්මාණය කිරීමට වියට්නාමය සහාය වනු ඇත. එමෙන්ම වියට්නාම-චීන මිත්‍ර සබඳතාව බාහිර බලවේගයන්ගේ මැදිහත්වීමෙන් කිසිවිටෙක විනාශ කිරීමට ඉඩ නොදෙන බව වියට්නාම අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම