චීන අගමැතිවරයා 2024 ගිම්හාන ඩාවෝස් සංසදයේ විදේශ ව්‍යාපාරික නියෝජිතයින්ගේ සමුළුව අමතයි
2024-06-26 10:10:25
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ඊයේ (25) පස්වරුවේ චීනයේ Dalian හි පැවති 2024 ගිම්හාන ඩාවෝස් සංසදයේ විදේශ ව්‍යාපාරික නියෝජිතයින්ගේ සමුළුවට සහභාගී විය.

සමුළුවට සහභාගී වූ කාර්මික සහ වාණිජ කවයන්හී නියෝජිතයින්ගේ  දේශනයන්‍ට සවන් දීමෙන් පසු Li Qiang මහතා පැවසුවේ චීනයේ විදේශීය සමාගම්වල සාර්ථකත්වය චීන ආර්ථිකයේ සංවර්ධනය සමඟ සමීපව බැඳී ඇති බවයි. චීන ආර්ථිකයේ අඛණ්ඩ පුනර්ජීවනය සහ දිගුකාලීන දියුණුව මෙන්ම චීන ආර්ථිකයේ පරිවර්තනය, උත‍්ශ්‍රේණිගත වීම සහ ගැඹුරු විපර්යාස, නිසැකවම ලොව පුරා ව්‍යවසායකයන්ගේ වර්ධනය සඳහා නව සහ පුළුල් අවකාශයක් සපයනු ඇති බව ඔහු පැවසීය.

Li Qiang මහතා එහිදී චීනයේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ආර්ථික ප්‍රතිපත්ති පැහැදිලි කළේය. තාක්‍ෂණික නවෝත්පාදනයන් සමඟ කාර්මික නවෝත්පාදනයන් වර්ධනය කිරීම, නවීන කාර්මික පද්ධතියක් ගොඩනැගීම වේගවත් කිරීම සහ නව ගුණාත්මක ඵලදායීතාව සංවර්ධනය කිරීම වේගවත් කිරීම කෙරෙහි චීනය අවධානය යොමු කරන බව Li Qiang මහතා පෙන්වා දුන්නේය. චීනය බාහිර ලෝකයට ඉහළ මට්ටමේ විවෘත වීම පුළුල් කර, වෙළඳපල ප්‍රවේශය තවදුරටත් ලිහිල් කරමින් ලොව පුරා සිටින ආයෝජකයින්ට වැඩි අවස්ථා සහ මනා පරිසරයක් නිර්මාණය කරනු ඇත. චීනයේ ආයෝජනය කිරීමටත්, චීනයේ ගැඹුරින් මුල් බැස ගැනීමටත්, චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනයේ ලාභාංශ බෙදා ගැනීමටත් සියලු දෙනා සාදරයෙන් පිළිගන්නා බව ඔහු පැවසීය.

ලෝක ආර්ථික සංසදයේ සභාපති Klaus Schwab මහතා එම සමුළුවේ මුලසුන දැරීය. රටවල් සහ කලාප 40කින් පමණ ව්‍යාපාරික නියෝජිතයෝ 200ක් පමණ ඊට සහභාගි වූහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම