කල් ඉකුත්වන විදෙස් ගමන් බලපත්‍ර ගැන දැනුම් දීමක්
2024-06-26 15:13:43
Share with:

ජූලි 01 වැනිදා සිට කල් ඉකුත්වන විදෙස් ගමන් බලපත්‍රවල කාලය තවත් වසරකින් දීර්ඝ කර ති‍‍‍බේ. ඉලෙක්ට්‍රොනික් පාස්පෝර්ට් ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේය.

කිසියම් විදෙස් ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාල සීමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දීම සිදු කරනුයේ, ඉලෙක්ට්‍රොනික් පාස්පෝර්ට් නිකුත් කරන තුරු පමණක් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

නොවැම්බර් මාසයේ සිට ඉලෙක්ට්‍රොනික් පාස්පෝර්ට් නිකුත් කිරීම අරඹනු ලබන අතර සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් ඉලෙක්ට්‍රොනික් පාස්පොර්ට් ලබා ගන්නා ලෙස ද ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම