යුක්රේනය හා මෝල්ටෝවා ජනරජය යුරෝපා සංගමයට එක්වීම පිළිබඳ සාකච්ඡා ඇරඹේ
2024-06-26 11:45:54
Share with:

යුක්රේනය හා මෝල්ඩෝවා ජනරජය යුරෝපා සංගමයට එක්වීම පිළිබඳ සාකච්ඡා ඇරඹේ.

යුරෝපා සංගමය ඊයේ (25) ලක්සම්බර්ග් හි දී එම රටවල් දෙක සමග අමාත්‍ය මට්ටමේ ප්‍රථම රාජ්‍ය රැස්වීම් වෙන් වෙන් වශයෙන් පැවැත්වීය.

එහිදී යුරෝපා සංගමය යුක්රේනය හා මෝල්ඩෝවා වෙත සාකච්ඡා සැලැස්ම ඉදිරිපත් කර ඇති අතර, අදාළ මාර්ගෝපදේශ හා මූලධර්ම ඊට ඇතුළත් වෙයි. යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ එම රටවල් දෙක යුරෝපා සංගමයට එක්වීම සඳහා දීර්ඝ කාලයක් ගත වනු ඇති බවයි. යුක්රේනය හා මෝල්ඩෝවා ජනරජය සිය ශක්‍යතා, අල්ලස් හා දූෂණ මර්දනය සහ ආර්ථික ස්ථාවරත්වය සහතික කර යුරෝපා සංගමයේ සාමාජිකත්වය උදෙසා අවශ්‍ය ඉහළ ප්‍රමිතීන් සපුරා ගත යුතු බව ද හෙතෙම පෙන්වා දී ඇත.

යුක්රේනය යුරෝපා සංගමයට එක්වීම සඳහා අයදුම් කළේ 2022 වසරේ පෙබරවාරි මාසයේ දීය. මෝල්ඩෝවා ජනරජය එම වසරේ මාර්තු මාසයේ අදාළ ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම