ආවේණික සංවර්ධන රටාවක් අනුගමනය කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ
2024-06-26 09:12:58
Share with:

හැකි උපරිම මට්ටමට ආවේණික සංවර්ධන රටාවක් අනුගමනය කිරීම අන් කවරදාකටත් වඩා වර්තමානයේ දී ඉස්මතුව ඇතැයි ආර්ථික විශ්ලේෂක දේශමාන්‍ය, මහේෂ් රාජකරුණා මහතා  පවසයි. එම ගමනේදී නව නිපැයුම් අත්‍යවශ්‍ය අංගයකි. නව නිපැයුම් යනු පෙර පැවති දෙයකට වඩා වෙනස් වූ නවතම නිර්මාණයකි. පෙර පැවති දෙයකට වඩා වෙනස් නිර්මාණයක් සිදු කිරීමේදී අනන්‍යවූ හැකියාවන් හී ධාරිතාව ඉතා වැදගත් බවද හෙතෙම කියා සිටී. ලෝකය ඉදිරියට පැමිණීමට බලපෑ ප්‍රධානම සාධකයන් අතර නව නැපැයුම්වලට ඇත්තේ ප්‍රමුඛතම ස්ථානයකි. දිවා රෑ නොබලා සිදු කළ පර්යේෂණයන් හා අත්හදාබැලීම් වල ප්‍රතිඵලයක් ලෙසට අද අප භාවිත කරන මෙවලම් අප අතට පත්ව තිබේ. නූතන නව නිපැයුම් නිර්මාණයේදී ආසියාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් සිටී. විශේෂයෙන් චීනය එහි ගාමක බලවේගය බවට පත්ව ඇත. භාණ්ඩ නිශ්පාදන රටක සිට භාණ්ඩ නිර්මාණය කර භාණ්ඩ නිශ්පාදනය කරන රටක් බවට චීනය පත්වෙමින් සිටී. මෙය නූතන ඉතිහාසයේ ආසි‍යාවේ නව ගමනක් ලෙසට තමන් දකින බවද මහේෂ් රාජකරුණා මහතා පෙන්වා දෙයි. චීනයේ මෙම හැකියාව පෙර සඳහන් කළ අනන්‍ය ලක්ෂණ උපයෝගී කර ගැනීමක් ලෙසට තමන් දකින බවද හෙතෙම කියා සිටී. චීනය යනු සියවස් ගණනාවකට පෙර ලොවට නව නිපැයුම් රාශියක් දායාද කළ රටකි. වර්තමානයේදී චීනය එම හැකියාව නව තාක්ෂණය හා මුසු කරන අයුරු ලෝකය හමුවේ දර්ශනය වී ඇතැයි ද ආර්ථික විශ්ලේෂක දේශමාන්‍ය, මහේෂ් රාජකරුණා මහතා  කියා සිටී.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම