Zhejiang පළාතේ Jingning කෝරළය ස්ථාපිත කිරීමේ 40වැනි සංවත්සරයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-06-26 16:22:03
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Zhejiang පළාතේ Jingning කෝරළය ස්ථාපිත කිරීමේ 40වැනි සංවත්සරය වෙනුවෙන් එහි වැසියන් වෙත සුබ පැතුම් පිරිනමයි.

සමස්ත කෝරළයේ ජනවාර්ගික කණ්ඩායම්වල කාඩර්වරුන් හා ජනතාව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයන් හා වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක කොට එහි උසස් තත්වයේ සංවර්ධනය සහ පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කරන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට පිළිතුරු ලිපිය යොමුකරමින් සඳහන් කර ඇත.

1984 දී පිහිටුවූ Jingning කෝරළය, චීනයේ ඇති එකම She ජාතික ස්වයංපාලිත කෝරළය යි. පසුගියදා, චීන කොමියුනිස්ට් පක්ෂයේ Jingning කෝරළයේ කමිටුව සහ එම කෝරළයේ රජය එහි සමස්ත කාඩර්වරුන් හා ජනතාව වෙනුවෙන් ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. කෝරළය පිහිටුවීමෙන් පසු වසර 40 ක කාලය තුළ, විශේෂයෙන් නව යුගයේ විවිධ ක්ෂේත්‍රවල ලබා ගත් ජයග්‍රහණ පිළිබඳව ඔවුන් එම ලිපියේ සඳහන් කර ඇති අතර පොදු සමෘද්ධිය පිළිබඳ මනා ආදර්ශනයක් වීමේ ඔවුන්ගේ අධිෂ්ඨානය ද ඉන් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම