චීනය මර්දනය කිරීමේ මෙවලමක් ලෙස පිලිපීනය යොදා ගැනීමේ ඇමරිකානු කුමන්ත්‍රණය
2024-06-26 21:10:28
Share with:

පිලිපීනය, අග්නිදිග ආසියාවේ රටවල් අතරින් ඇමරිකාව සමග සමීපතම සබඳතාවයක් ඇති රටයි. එහෙත් පිලිපීනය බලාපොරොත්තු සුන් වෙමින් තිබේ. පිලිපීන-ඇමරිකානු සබඳතා සම්බන්ධයෙන් යම් හිටපු විදේශ රටවල නිලධාරීන් මෑතකදී කළ ප්‍රකාශ පිලිපීන දේශපාලනඥයන්ට දැඩි පහරක් එල්ල කර ඇත.

මැලේසියානු හිටපු අගමැති Mahathir Mohamad සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ, ඇමරිකාව දකුණු චීන මුහුදට ආසන්න පිහිටි රටක් නොවන නමුත් ඇමරිකාව රටවල් අතර ගැටුම් ඇති කොට ඔවුන්ව යුද්ධයට "‍යොමු කිරීමට" අපේක්ෂා කරන බවයි. එයට හොඳම නිදසුන යුක්රේනය සහ රුසියාව අතර නිර්මාණය කළ යුද්ධයයි. එවැනි යුද්ධයක් ඇති වූ පසු ඇමරිකාවට විශාල ආයුධ ප්‍රමාණයක් යුද්ධයට සම්බන්ධ  වූ රටවලට විකිණීමට හැකි වේ යැයි ඔහු පැවසීය.

මීට අමතරව, මාධ්‍ය හමුවකට සහභාගී වූ අවස්ථාවේදී පිලිපීන-ඇමරිකානු සබඳතා සහ දකුණු චීන මුහුදේ ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකානු හිටපු නිලධාරීන් කිහිප දෙනෙක් ද පිලිපීනයට අනතුරු ඇඟවීම් නිකුත් කළහ. සැබවින්ම ඇමරිකාව සිය මෙවලමක් වශයෙන් පිලිපීනය භාවිත කරන අතර පිලිපීනය ඇමරිකාවේ මිතුරෙකු නොවන බව ඔවුන් පෙන්වා දී තිබේ.

සැබවින්ම, ඇමරිකාව දකුණු චීන මුහුදේ කලාපීය කටයුතුවලට මැදිහත් වීමෙන් කිසිසේත්ම පිලිපීන-ඇමරිකානු සන්ධානයක් හෝ පිලිපීනය සමග මිත්‍රත්වයක් පිළිඹිබු නොවේ. ඔවුන්ට අවශ්‍ය වනුයේ පිලිපීනය

 චීනය මර්දනය කිරීමේ ප්‍රතිපත්තියේ මෙවලමක් ලෙස භාවිත කිරීමටයි.

පිලිපීනය මීට පෙර ඇමරිකානු යටත් විජිතයක්ව පැවතිණ. 1991 දී, පිලිපීන සෙනෙට් සභාව, සියවසකට ආසන්න කාලයක් ඇමරිකානු හමුදාව පිලිපීනයේ රැඳී සිටීම අත්හිටුවමින් නියෝගයක් ද සම්මත කළේය. එහෙත් වර්තමානය දක්වාම, පිලිපීන විදේශ කටයුතු ඇමරිකාව මත දැඩි ලෙස රඳා පවතී . පිලිපීනයේ දේශපාලනඥයෝ සිය රටේ සැබෑ ජාතික අවශ්‍යතා නොසලකා හරිති. මෙය පිලිපීන ජනතාවට භයානක සහ කණගාටුදායක අනාගතයක් නිර්මාණය කිරීමේ පෙර සලකුණු ය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම