ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට
2024-06-26 15:12:07
Share with:

ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව සිදු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. එමෙන්ම රාජ්‍ය මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සාක්ෂාත් කර ගැනීමට හැකි වූයේ සෑම පුරවැසියෙකුගේම කැපකිරීම් සහ උත්සාහයන් තුළින් බව ද හෙතෙම කියා සි‍ටියේය. ඔස්ට්‍රියාවේ වියානාහි පැවති ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාමාජික රටවල් දැනුවත් කරමින් අමාත්‍යවරයා ‍මේ බව ප්‍රකාශ ක‍ර ඇත.

තිරසර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන ආර්ථික වර්ධනය ඇති කිරීම සහ ආයතනික ධාරිතාව ප්‍රතිෂ්ඨාපනය කිරීම අරමුණු කරගත් ආයතනික සහ නීතිමය ප්‍රතිසංස්කරණ මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට ඇතුළත් බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. එමෙන්ම මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආර්ථික සහය සහ නව සංවර්ධන මුලපිරීම් කෙරෙහි අවධානය යොමුකර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම