Julian Paul Assange පාපොච්චාරණයක් සිදු කරයි
2024-06-26 11:10:01
Share with:

WikiLeaks අන්තර් ජාල මාධ්‍ය ආයතනයේ පුරෝගාමී Julian Paul Assange ඇමරිකානු ඔත්තු නීතිය යටතේ සිදු කළ බරපතල අපරාධය  සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදු  කරයි.

ඔහු එම පාපොච්චාරණය සිදු කළේ ඇමරිකාවට අයත් උතුරු මරියානා දූපත්හි පොදුරාජ්‍ය මණ්ඩලයේ Saipan දූපත් අගනගරයේ පිහිටි ඇමරිකානු ෆෙඩරල් අධිකරණයේදීය. 

ඇමරිකානු මාධ්‍ය හෙළි කළ ලිපිලේඛනයකට අනුව, ‘ජාතික ආරක්ෂක තොරතුරු කුමන්ත්‍රණකාරී ලෙස නතු කර ගෙන එය ප්‍රසිද්ධ කිරීම’ පිළිබඳ බරපතල අපරාධය සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නැගූ චෝදනා පිළිගැනීමට Julian Paul Assange එකඟ වී තිබේ. දෙපාර්ශ්වය පැමිණි එකඟතාවට අනුව,  Assangeට මාස 62ක සිර දඬුවමක් හිමිවිය යුතුය. එහෙත් එය ඔහු ලන්ඩන් නුවරහිදී ගත කළ සිර දඬුවමේ කාලසීමාව හා සමාන බැවින්  Assangeගේ සිර දඬුවම් කාලය අවසන් වී ඇතැයි ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ  පිළිගැනීම වී තිබේ. ඔහු කෙරේ උදර්පණ ඉල්ලීම අතහැර  සිය උපන් රටවන ඕස්ට්‍රේලියාවට ආපසු යාමට ද ඉඩ දී තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම