චීන චන්ද්‍ර ගවේෂණයේ සන්ධිස්ථානගත ජයග්‍රහණය වෙනුවෙන් චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-06-25 15:42:36
Share with:

බෙයිජිං වේලාවෙන් අද(25) පස්වරු 2:07ට, චීන ‘චන්ග්අ 6’ අභ්‍යවකාශ යානයේ යළි පෘථිවිය වෙත පැමිණෙන කොටස චීනයේ ඇතුළු මොන්ගෝලියානු ස්වායත්තයේ නියමිත කලාපයට ගොඩබැස තිබේ. එම යානයෙන් චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයෙන් ලබාගත් ලොව ‍ප්‍රථම සාම්පල රැගෙන ඒම විශේෂත්වයකි.

ජනාධිපති ෂී ජින්පිං මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, රාජ්‍ය මණ්ඩලය හා මධ්‍යම හමුදා කොමිසම නියෝජනය කරමින් චීන චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ “ චන්ග් අ 6 ” මෙහෙයුම් මූලස්ථානයේ ඉංජිනේරුවරුන් ඇතුළු එම මෙහෙයුමට එක්වූ සමස්ත කාර්යමණ්ඩලය වෙත සිය උණුසුම් හා අවංක සුබ පැතුම් පිරිනමා ඇත.

  “චන්ග් අ 6” යානය මගින් චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයෙන් ලබාගත් ලොව ‍ප්‍රථම සාම්පල පෘථිවියට රැගෙන ඒම, උසස් අභ්‍යවකාශ ගවේෂණ හැකියාවක් හා දියුණු විද්‍යා තාක්ෂණික හැකියාවක් සහිත රටක් නිර්මාණය කිරීමේ ගමනේදී ලබා ගත් තවත් විශිෂ්ට සන්ධිස්ථානගත ජයග්‍රහණයක් බව ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. මෙහෙයුමට එක්වූ කාර්ය මණ්ඩලයේ වටිනා දායකත්වය, මාතෘභූමියේ මෙන්ම ජනතාවගේ මතකයේ ද සදාකාලිකව පවතිනු ඇත.

ඉදිරියේ දී ස‍ඳෙහි සාම්පල පිළිබඳ පර්යේෂණය නිසි ලෙස සිදු කරමින් රටේ අභ්‍යවකාශ ගවේෂණ ව්‍යාපෘතීන් අඛණ්ඩව ඉදිරියට මෙහෙයවීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කර ඇත. එමෙන්ම සමස්ත මානවයාගේ සුබසෙත වෙනුවෙන්, උසස් අභ්‍යවකාශ ගවේෂණ හැකියාවෙන් යුත් රටක් නිර්මාණය කිරීමේ ඉලක්කය වෙත අධිෂ්ඨානශීලීව ගමන් කරමින් ජාත්‍යන්තර අදහස් හුවමාරු හා සහයෝගිතා පුළුල් කිරීමට ද අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම