සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වැනි සංවත්සර සැමරුම් උළෙල 28 වැනිදා බෙයිජිංහිදී
2024-06-25 17:23:55
Share with:

සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70 වැනි සංවත්සර සැමරුම් උත්සවය ලබන 28 වැනිදා බෙයිජිංහිදී පැවැත්වීමට නියමිතය. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ තොරතුරු විස්තර කළාය.

 "සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්මවල සිට පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම දක්වා" යන තේමාව යටතේ මෙම උත්සවය පැවැත්වෙන බව ඇය පැවසුවාය. එමෙන්ම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම උත්සවයට එක් වෙමින් ප්‍රධාන දේශනය පවත්වනු ඇත. ලොව පුරා බොහෝ රටවල හිටපු දේශපාලන නායකයින්, විශේෂ ඥයින්, ශාස්ත්‍ර ඥවරුන් මෙන්ම මාධ්‍ය සහ ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින් ද එම උත්සවයට සහභාගි වීමට නියමිතය.

එහිදී සැමරුම් උත්සවයේ තේමාව පිළිබඳව පූර්ණ වශයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ. සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම යෝජනා කිරීමේ මූලික අභිප්‍රාය අනුගමනය කරමින්, අර්බුද සහ අභියෝගවලට එක්ව මුහුණ දීම සඳහාත්, මානව වර්ගයාට වඩාත් සුන්දර අනාගතයක් නිර්මාණය කිරීම සඳහාත් ජාත්‍යන්තර ප්‍රජාවට අවශ්‍ය අවබෝධය සහ ශක්තිය එක් කිරීමට මෙය වැදගත් වනු ඇති බව ද Mao Ning මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම