ජාතික උද්ධමනය පහළට
2024-06-25 17:29:16
Share with:

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ 2.7% සිට 2024 මැයි මාසයේ දී 1.6%ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහිදී 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, පසුගිය මැයි මාසයේ දී 0.5% ක් දක්වා විශාල අගයකින් පහළ ගොස් ඇත.

මේ අතර 2024 අප්‍රේල් මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය පසුගිය මැයි මාසයේ දී 2.4% ක් දක්වා සුළු වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම