ජාත්‍යන්තර තලයේ කාන්තා දායකත්වය සහතික කිරීම සඳහා චීනයේ කාර්යභාරය විග්‍රහ කෙරේ
2024-06-25 11:27:54
Share with:

රාජ්‍යතාන්ත්‍රික සේවාවන්හි නියුතු කාන්තාවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය ප්‍රථම වරට සැමරේ. ඒ නිමිත්තෙන් උළෙලක් ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ජාතීන්ගේ මන්දිරයේ දී ඊයේ (24) පැවැත්විණ.

එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩලයේ සභාපති Dennis Francis මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජ්‍ය මහලේකම් Amina J. Mohammed මහත්මිය ඇතුළු පිරිසක් ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ අංශවල නිලධාරිනියෝ ද එහිදී දේශන පැවැත්වූහ. රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා කාන්තාවන් දක්වා ඇති පුළුල් දායකත්වය එහිදී ඇගැයීමට ලක්විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ පිහිටි සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීන නිත්‍ය නියෝජිත Chen Xu මහතා උත්සවය අමතමින් ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ කාන්තා දායකත්වය නැංවීම පිළිබඳ චීනයේ ස්ථාවරය විග්‍රහ කළේය.

රාජ්‍යතාන්ත්‍රික සේවාවන්හි නියුතු චීන කාන්තාවන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා සිය වගකීම් හා යුතුකම් මැනැවින් ඉටු කර ඇති බව හෙතෙම පැවසීය. එක්සත් ජාතීන්ගේ සිව්වැනි ලෝක කාන්තා සම්මේලනයේ දී සම්මත කෙරුණු ‘බෙයිජිං ප්‍රකාශය’ සහ ‘ක්‍රියාකාරී සැලැස්ම’ට ලබන වසරේ 30 වසරක් සපිරෙයි. මෙම කාල වකවානුවේ දී ගෝලීය කාන්තා ව්‍යාපාරය යම් ප්‍රගතීන් දිනා ඇතත්, එම ප්‍රකාශයෙන් පුරෝකථනය කෙරුණු ඇතැම් ඉලක්ක මෙතෙක් සාක්ෂාත් කර නැත. ජගත් ප්‍රජාව සමග එක්ව කාන්තා අයිතිවාසිකම් තවදුරටත් තහවුරු කිරීමට චීනය සූදානම් බව ද චීන නිත්‍ය නියෝජිතයා එහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම