තායිවාන බෙදුම්වාදීන්ට එරෙහි නීතීමය පියවර සම්බන්ධයෙන් ඇමරිකාව කළ ප්‍රකාශයට චීනයේ දැඩි විරෝධය
2024-06-25 17:03:29
Share with:

වර්තමානයේ චීන තායිවාන සමුද්‍ර සන්ධි දෙපස තත්ත්වයට එල්ල වන විශාලතම තර්ජනය වන්නේ “තායිවාන බෙදුම්වාදී ” ක්‍රියා, බාහිර බලවේගවල මැදිහත්වීම් හා කඩාකප්පල්කාරී ක්‍රියා බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(25) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. “තායිවාන බෙදුම්වාදීන් රට බෙදීම හා ඊට උසිගැන්වීමේ අපරාධයට නීත්‍යනුකූල දඬුවම් ලබා දීම පිළිබඳ උපදෙස් ” චීනය නිකුත් කිරීම සම්බන්ධයෙන් ඊයේ(24) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා චීනයට චෝදනා එල්ල කර ඇත.මේ පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

චීනය ඇමරිකාවේ අදාළ ප්‍රකාශයට දැඩි විරෝධය පළ කරන බව ඇය පැවසුවාය.එක්සත්භාවය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීම ස්වාධීන රටක පරිශුද්ධ අයිතියකි. අපරාධ නීති අධිකරණ ක්‍රමය භාවිත කරමින් රටේ බෙදුම්වාදී අපරාධකරුවන්ට දඬුවම් දී රටේ කේන්ද්‍රීය අවශ්‍යතා සහතික කිරීම ලොව පුරා රටවල සාමාන්‍ය පියවරක් බව ද ඇය සඳහන් කළාය.

ඇමරිකාව කලාපීය සාමය හා ස්ථාවරත්වය අවංකව සහතික කරන්නේ නම්, එකම චීනය මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන ස්ථිර ලෙස අනුගමනය කළ යුතු ය. එමෙන්ම “තායිවාන බෙදුම්වාදීන්ට”අනුබල නොදීමේ ප්‍රතිඥාව ද අනුගමනය කළ යුතු ය. චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම නතර කරමින් “තායිවාන බෙදුම්වාදීන්ට” වැරදි සංඥා නිකුත් කරන සියලු ක්‍රියා වහාම නතර කළ යුතු බවද Mao Ning මහත්මිය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම