රුසියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ජගත් මහලේකම්වරයා තරයේ හෙළාදකී
2024-06-25 10:48:32
Share with:

රුසියාවේ Dagestan ප්‍රාන්තයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා තරයේ හෙළාදකී. ඔහුගේ ප්‍රකාශකයා ඊයේ (24) නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

ක්‍රිස්තියානි සහ යුදෙව් ආගමික ස්ථාන සහ ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළාදකින António Guterres මහතා විපතට පත් වූවන්ගේ පවුල්වලට, රුසියානු ජනතාවට සහ රජයට තම සංවේගය පළ කළ අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

23 වැනිදා රාත්‍රියේ Dagestan ප්‍රාන්තයේ ක්‍රිස්තියානි පල්ලි 2 කට, යුදෙව් ආගමේ දේවස්ථානයකට සහ පොලිස් මුරපොළකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ බව මාධ්‍ය වාර්තා කර ඇත. මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියන් ඇතුළු 20 දෙනෙකු පමණ මිය ගිය අතර, 46 දෙනෙක් තුවාල ලැබූහ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම