15වැනි ගිම්හාන ඩාවෝස් සංසදය ඇර‍ඹේ
2024-06-25 11:36:20
Share with:

තෙදිනක් පැවැත්වෙන 15වැනි ගිම්හාන ඩාවෝස් සංසදය අද(25) ඊසානදිග චීනයේ Dalian නගරයේ ආරම්භ විය. එයට රටවල් හා ප්‍රදේශ 80ක පමණ නියෝජිතවරු 1600කට වැඩි පිරිසක් සහභාගි ව සිටිති.

“අනාගත වර්ධනය සඳහා නව ප්‍රවණතා” එහි ප්‍රධාන තේමාවයි. එම සංසදයට සහභාගිවූවන් “ගෝලීය නව ආර්ථිකය”හා“චීනය සහ ලෝකය”යනාදී ප්‍රධාන ක්ෂේත්‍ර හය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වති. ලෝක ආර්ථික වර්ධනය සඳහා නව ගාමක බලවේග සහ නව මාර්ග විමසා බැලීම කෙරෙහි  ඔවුන් අවධානය යොමු කර ඇත.

ගිම්හාන ඩාවෝස් සංසදය ජාත්‍යන්තර හුවමාරු සඳහා වේදිකාවක් ගොඩනගා ඇති අතර, සෑම කෙනෙකුටම චීනයේ සංවර්ධනය පිළිබඳව සමීපව අවබෝධ කරගැනීමට අවස්ථා ලබා දී තිබෙන බවට ඔවුහු විශ්වාසය පළ කරති.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම