යුරෝපා සංගමය චීන සමාගම් 19කට සම්බාධක පැනවීම කෙරෙහි චීනයේ දැඩි විරෝධය
2024-06-25 18:33:13
Share with:

යුරෝපා සංගමය චීන සමාගම් 19කට සම්බාධක පැනවීම කෙරෙහි චීනය දැඩි විරෝධය පළ කරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

ජාත්‍යන්තර නීතියට පටහැනිව හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ කිසිදු අවසරයකින් තොරව සිදු කරන ඒකපාර්ශ්වික සම්බාධකවලට චීනය සෑමවිටම විරුද්ධ වන අතර, යුරෝපා සංගමයට දැඩි විරෝධය පළ කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය.

චීන සහ රුසියානු සමාගම් අතර සහයෝගිතා තුළ දී තෙවන පාර්ශ්වයක් ඉලක්ක කර නොගන්නා අතර, එය තෙවන පාර්ශ්වයකගේ මැදිහත් වීමට ද ලක් නොවිය යුතුය. කෙසේ වෙතත් චීන සමාගම්වල නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය අවශ්‍ය පියවර ගනු ඇති බව ද Mao Ning මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම