චීන-පෝලන්ත අගමැති හමුවේ දී යුරෝපා සංගම්-චීන සබඳතා වර්ධනයට පෝලන්තයේ සහාය පළ වෙයි
2024-06-25 10:29:09
Share with:

පෝලන්තය සමඟ සංවර්ධන උපාය මාර්ග පෙළගැස්ම වැඩි දියුණු කිරීමට චීනයේ ඇති සූදානම ප්‍රකාශ කරමින් චීන අගමැති Li Qiang මහතා ඊයේ(24) බෙයිජිංහිදී පෝලන්ත ජනාධිපති Andrzej Duda මහතා හමුවිය.

රාජ්‍ය නායකයන් දෙපළගේ උපාය මාර්ගික මගපෙන්වීම අනුගමනය කිරීමට, සාම්ප්‍රදායික මිත්‍රත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමට, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ ද්විපාර්ශ්වික විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ වැඩි දියුණුවක් සඳහා අවශ්‍ය උත්තේජනය ලබා දීමට පෝලන්තය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Li Qiang මහතා සඳහන් කළේය.

චීනය වඩාත් ගුණාත්මක පෝලන්ත නිෂ්පාදන චීන වෙළඳපොළට ඇතුළු වීම සාදරයෙන් පිළිගන්නා අතර පෝලන්තය චීන ව්‍යවසායන් සඳහා සාධාරණ, යුක්ති සහගත සහ වෙනස් කොට සැලකීම්වලින් තොර ව්‍යාපාරික පරිසරයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වසර 75 කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට පෝලන්තය සහ චීනය සැමවිටම අන්‍යෝන්‍ය ගෞරවයට අනුගත වූ බවත්, ද්විපාර්ශ්වික සබඳතා වෙනස්වන ජාත්‍යන්තර තත්වයන් හමුවේ ඊට ඔරොත්තු දී සංවර්ධනයේ ශක්තිමත් වේගයක් පවත්වා ගෙන ගිය බවත් පෝලන්ත ජනාධිපති Andrzej Duda මහතා පැවසීය.

පෝලන්තය චීනය සමඟ සබඳතාවලට විශාල වැදගත්කමක් ලබා දෙන අතර, එකම චීනය මූලධර්මයට දැඩි ලෙස අනුගත වන බවත් එක් තීරයක් එක් මාවතක් මුලපිරීමේ ඒකාබද්ධ සංවර්ධනයට සහාය වන බවත් හෙතෙම සඳහන් කළේය. පෝලන්තය චීන ව්‍යවසායන් සඳහා සමාන හා වෙනස් කොට සැලකීම්වලින් තොර ව්‍යාපාරික පරිසරයක් ලබා දීමට කැමැත්තෙන් සිටින බව ද, ද්විපාර්ශ්වික සබඳතා නව තලයකට තල්ලු කිරීම සඳහා ආර්ථිකය, වෙළඳාම සහ සංස්කෘතිය පිළිබඳ හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද Andrzej Duda මහතා කියා සිටී.

යුරෝපා සංගම්-චීන සබඳතා වර්ධනයට පෝලන්තය සහාය දෙන අතර එම සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම