ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක්
2024-06-25 17:28:15
Share with:

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අංශයේ සංවර්ධනය සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 150ක මුදලක් ලබා දීමට තීරණය කර තිබේ.

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මූල්‍යාධාරය ලබා දීම අනුමත කර ඇත.

ක්‍රියාත්මක කිරීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය,  මෙරට ප්‍රාදේශීය ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සපයන ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවල සංවර්ධනය හා ප්‍රතිකාරවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙය උපකාරී වනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම