චීන හා පෝලන්ත ජනාධිපති ආර්යාවෝ චීන ජාතික රඟ ශාලාව නරඹති
2024-06-25 09:27:50
Share with:

චීන ජනාධිපති ආර්යා Peng Liyuan මහත්මිය හා පෝලන්ත ජනාධිපති ආර්යා Agata Kornhauser-Duda මහත්මිය චීන ජාතික රඟ ශාලාව නරඹති.

ආර්යාවන් දෙපළ ඊයේ(24) පස්වරුවේ චීන ජාතික රඟ ශාලාව නැරඹූහ. චීනය හා පෝලන්තයට දිගුකාලීන ඉතිහාසය හා ගැඹුරු සංස්කෘතික උරුමයක් ඇති බව Peng Liyuan මහත්මිය එහිදී පැවසුවාය. මෑත වසර කිහිපය තුළ දෙපාර්ශ්වය අතර මානව හුවමාරු ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. දෙරටේ සංස්කෘතික හුවමාරු හා අන්‍යෝන්‍ය අධ්‍යයනය ක්‍රමයෙන් සරු වීමත් සමග දෙරටේ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධ හා මිතුදම ක්‍රමයෙන් ගැඹුරු වනු ඇතැයි ද Peng Liyuan මහත්මිය කීවාය.

Peng Liyuan මහත්මිය හා Agata Kornhauser-Duda මහත්මිය චීන සාම්ප්‍රදායික ජන සංගීත, Peking ඔපෙරාව හා චීන ‍පෝලන්ත පියානෝ වාදන ඇතුළු ප්‍රසංගයන් නැරඹූහ.

චීන කලා ශිල්පීන්ගේ ප්‍රසංගය Agata Kornhauser-Duda මහත්මිය එහිදී ඉහළින් අගය කළාය. දෙපාර්ශ්වය තවදුරටත් හුවමාරු හා සහ‍යෝගිතා ශක්තිමත් කරමින් දෙරට ජනතාවගේ මිතුදම අඛණ්ඩව වර්ධනය කිරීමට හැකිවනු ඇති බවට ඇය අපේක්ෂා පළ කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම