“ දකුණු චීන මුහුදේ ඉතිහාසය හා ස්වාධිපත්‍යය ”නම් ග්‍රන්ථය එළි දැක්වේ
2024-06-25 10:54:09
Share with:

“ දකුණු චීන මුහුදේ ඉතිහාසය හා ස්වාධිපත්‍යය ”නම් ග්‍රන්ථය එළි දැක්වේ. ජාත්‍යන්තර නීති පිළිබඳ බ්‍රිතාන්‍ය මහාචාර්ය Anthony Carty මහතා රචනා කළ එම ග්‍රන්ථය ඉකුත් 20වන දින එළි දැක්විණ. වසර 2011ත් 2018ත් අතර කාලයේ මහාචාර්ය Anthony Carty ප්‍රංශ විදේශ අමාත්‍යාංශයේ ලේඛනාගාරය, බ්‍රිතාන්‍ය ජාතික ‍ලේඛනාගාරය හා ඇමරිකානු ජාතික ලේඛනාගාරයට ගොස්, එම ස්ථානවල 19වැනි සියවස අවසානයේ සිට මේ දක්වා දකුණු චීන මුහුදු දූපත්වල හිමිකම් පිළිබඳ ලියවිලි හා තොරතුරු සොයා බලා ඇත. මහාචාර්ය Anthony Carty “ දකුණු චීන මුහුදේ ඉතිහාසය හා ස්වාධිපත්‍යය ”නම් ග්‍රන්ථය රචනා කළේ තමන්ගේ එම පර්යේෂණයේ සමාචෝලනයක් වශයෙනි.

දකුණු චීන මුහුද පුරාණයේ සිටම චීනයට අයත් බව “ දකුණු චීන මුහුදේ ඉතිහාසය හා ස්වාධිපත්‍යය ”ග්‍රන්ථය විවිධ කරුණුවලින් සනාථ කර තිබේ. දකුණු චීන මුහුදේ නැන් ෂා දූපත් සමූහයේ හිමිකාරීත්වය පිලිපීනයට නොමැති බව ප්‍රංශ , බ්‍රිතාන්‍ය හා ඇමරිකානු එම ලේඛනාගාර තුනේම විවිධ සාක්ෂි මගින් පෙන්වා දී ඇත.

දකුණු චීන මුහුද සම්බන්ධයෙන් තමන් සිදු කළ පර්යේෂණ චීන රජය සමග කිසිදු සම්බන්ධයක් නැතැයි මහාචාර්ය Anthony Carty ප්‍රකාශ කර තිබේ. “ දකුණු චීන මුහුදේ ඉතිහාසය හා ස්වාධිපත්‍යය ” ග්‍රන්ථයේ චීන, ඉංග්‍රීසි හා ප්‍රංශ යන භාෂා තුනේම අනුවාදයක් මේ වසරේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම