දේශීය කර්මාන්ත සහ ව්‍යාපාර යළි නඟා සිටුවීමට නව වැඩපිළිවෙළක්
2024-06-24 17:03:47
Share with:

බිඳ වැටී ඇති දේශීය කර්මාන්ත සහ ව්‍යාපාර යළි නඟා සිටුවීම සඳහා නව ණය යෝජනා ක්‍රම හතරක් ඇරඹීමට සූදානම් බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඒ අනුව ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් රුපියල් කෝටි 2,000ක පමණ මුදලක් වෙන් කරමින් අදාළ ණය පහසුකම් ලබාදීමට තීරණය කර ඇත. ඉතා අඩු පොලී අනුපාත සහ සරල කොන්දේසි යටතේ මෙම යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බව ද අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය එක්ව මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු 16ක් හරහා මෙම ණය යෝජනා ක්‍රම හතරෙන් දෙකක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ(23) පැවති ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ ව්‍යවසායක ප්‍රජා සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම