චීනයේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ට චීන ජනපතිගෙන් ඇගයුම්
2024-06-24 20:14:50
Share with:

චීන ජාතික විද්‍යා හා තාක්ෂණික සම්මේලනය, ජාතික විද්‍යා හා තාක්ෂණික සම්මාන ප්‍රදානෝත්සවය සහ චීන විද්‍යා ඇකඩමියේ හා ඉංජිනේරු ඇකඩමියේ විද්වත් සම්මේලන උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. ඒ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ය.

රටේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ට එහිදී  ජනාධිපතිවරයා අතින් සම්මාන ප්‍රදානය කෙරිණ. එමෙන්ම ෂී ජින් පිං මහතා එහිදී වැදගත් දේශනයක් ද පැවැත්වීය.

ජාතියේ පුනර්ජීවනය හා රටේ ශක්තිමත් බව වෙනුවෙන් විද්‍යා තාක්ෂණික අංශයේ දියුණුව වඩා වැදගත් බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. චීන මාදිලියේ නවීකරණය සඳහා විද්‍යා තාක්ෂණික නවීකරණය අත්‍යවශ්‍ය අංගයකි. එමෙන්ම උසස් තත්ත්වයේ සංවර්ධනය සඳහා නව ගාමක බලවේගය වනුයේ ද විද්‍යා තාක්ෂණික නවෝත්පාදනයයි. එහෙයින් විද්‍යා තාක්ෂණ සංවර්ධනයේ ප්‍රමුඛ උපායමාර්ගික ස්ථානය හා මූලික ආධාරක කාර්යභාරය පූර්ණ ලෙස අවබෝධ කර ගෙන 2035 වසරේ බලවත් විද්‍යා තාක්ෂණික රටක් ගොඩනගා ගැනීමේ ඉලක්කය සඳහා කැපවීමෙන් කටයුතු කළ යුතුය. ඉහළ මට්ටමේ විද්‍යා තාක්ෂණික හැකියාව පිළිබඳ ස්වයං විශ්වාසය සහ ස්වයං දියුණුව සඳහා උසස් මට්ටමේ සැලසුම් හා සමස්ත සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර ඇත.

 අධ්‍යාපනය හා විද්‍යා තාක්ෂණය පිළිබඳ ප්‍රවීණයින් බිහි කිරීමේ ක්‍රමවේද හා අදාළ පද්ධති පිළිබඳ ප්‍රතිසංස්කරණ ඒකීය ලෙස සිදු කරමින් ක්ෂේත්‍ර දෙක සම්බන්ධීකරණයෙන් ප්‍රවීණයින් පෝෂණය කළ යුතු බව ඔහු උපදෙස් දී තිබේ. එසේම නිසි විවිධත්වය සහිත, ඉහල ගුණාත්මක, නවෝත්පාදනය පිළිබඳ විශාල ප්‍රවීණ පිරිසක් පෝෂණය කිරීමට අපේක්ෂා කෙරේ. රට වෙනුවෙන් උපායමාර්ගික ප්‍රවීණ බලවේගයක් ගොඩනගා ගනිමින් ‘විශිෂ්ට ඉංජිනේරුවරු’, ‘දැවැන්ත රටක කර්මාන්තකරුවන්’, ‘උසස් නිපුණතාවන් ඇති ප්‍රවීණයින්’ බිහි කිරීමට උත්සාහ දැරිය යුතු බව ද ඔහු අවධාරණය කර ඇත. 

එක් තීරයක් එක් මාවතක් වැනි සංවර්ධන වේදිකාවන්හි කාර්යභාරය මනාව ඉටු කර විවිධ රටවල පවතින විද්‍යා තාක්ෂණික අසීරුතා මඟහරවා ගැනීමට ද සහාය ලබා දිය යුතු ය. විද්‍යා තාක්ෂණ සංවර්ධනය ඔස්සේ සමස්ත මානව වර්ගයාට පොදු යහපත ළඟා කර දීම උදෙසා, ගෝලීය නවෝත්පාදන ජාලය හා ගෝලීය විද්‍යා තාක්ෂණික පාලනයට සක්‍රියව එක් වෙමින් ගෝලීය අභියෝගයන්ට පොදුවේ මුහුණ දිය යුතු බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම