චීන-ඇමරිකා තරුණ හුවමාරු සතියට චීන ජනපතිගෙන් සුබපැතුම්
2024-06-24 11:08:26
Share with:

“Kuliang හි සබඳතා”තේමාවෙන් යුතු 2024 චීන-ඇමරිකා තරුණ හුවමාරු සතියට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ ප්‍රාර්ථනා කරයි. එම සුබ පැතුම් ලිපිය අද (24) යොමුකර ඇත.

චීන-ඇමරිකා සබඳතාවල අනාගතය රැඳී ඇත්තේ දෙරටේ තරුණ පරපුර මත බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කරයි. දෙරට තරුණ තරුණියන් ගැඹුරින් අදහස් හුවමාරු කර ගනිමින් මිත්‍රත්වය වැඩිදියුණු කර ගැනීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දී තිබේ. චීන-ඇමරිකා සබඳතාවල ශක්ති සම්පන්න බව සහ ස්ථාවර වර්ධනයට දායක වෙමින්, සාමය, සංවර්ධනය හා සමෘද්ධිය සහතික කිරීම සඳහා දෙරට තරුණ ප්‍රජාව ලොව සියලු රටවල ජනතාව සමඟ එක්ව ක්‍රියා කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ඔහු කියාසිටී.

“Kuliang හි සබඳතා”තේමාවෙන් යුතු 2024 චීන-ඇමරිකා තරුණ හුවමාරු සතිය චීනයේ Fujian පළාතේ, Fuzhou නගරයේ දී අද (24) ආරම්භ විය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම