චීනයේ ප්‍රති භාවිතයට ගත හැකි ප්‍රවාහක රොකට්ටුවේ කිලෝමීටර 10ක සිරස් ගුවන් ගත කිරීම හා ගොඩබෑම සාර්ථකයි
2024-06-24 09:02:57
Share with:

චීනයේ ප්‍රති භාවිතයට ගත හැකි ප්‍රවාහක රොකට්ටුවේ කිලෝමීටර 10ක  සිරස් ගුවන් ගත කිරීම හා ගොඩබෑම සාර්ථක වෙයි. ජියුචාන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ දී එම පරීක්ෂණ ගමන ඊයේ (23) සාර්ථකව සිදු කෙරිණ.

චීනයේ ප්‍රති භාවිතයට ගත හැකි ප්‍රවාහක රොකට්ටුවක විශාලතම සිරස් ගුවන් ගත කිරීම හා ගොඩබෑමේ පරීක්ෂණය සාර්ථකවීම ඉන් සනිටුහන් විය. දියර ඔක්සිජන් හා මීතෙන් බලයෙන් ක්‍රියත්මක වන දේශීයව සංවර්ධනය කරන ලද එන්ජිමක් ප්‍රථමවරට යොදා ගැනීමද එහිදී විශේෂත්වයකි. ෂැංහයි අභ්‍යාවකාශයානා තාක්ෂණ ඇකඩමිය විසින් සංවර්ධනය කරන ලද මෙම රොකට්ටුවේ විශ්කම්භය මීටර 3.8කි. පරීක්ෂ‍ණයේ දී රොකට්ටුවේ අදාළ තාක්ෂණාංග රැසක් සාර්ථකව අත්හදා බැලිණ. 2025 වසරේදී ප්‍රතිභාවිත රොකට්ටු යොදා ගැනීමේ අ‍භිලාෂය වෙනුවෙන් මෙම සාර්ථකත්වය පදනමක් බවට පත්ව තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම