නවීන අපනයන කෘෂිකර්මාන්තයක වැදගත්කම ජනපති අවධාරණය කරයි
2024-06-24 17:00:23
Share with:

වගා නොකළ ඉඩම් සියල්ල වගාව සඳහා නිසි පරිදි යොදාගනිමින් මෙරට කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ තුළින් ඉහළ විදේශ විනිමයක් උපයා ගැනීමට හැකි බවත් රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට අවස්ථාව උදා වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ ‍කර ඇත. 

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ ඉදිකරන ලද රටකජු සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(23) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

තමන් රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බව පැවසූ ජනාධිපතිවරයා ඒ සමගම රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බව එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.




ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම