පිලිපීනයේ ප්‍රකෝපකාරී ක්‍රියා වහාම නවත්වන ලෙස චීනයෙන් ඉල්ලීමක්
2024-06-24 18:34:36
Share with:

ප්‍රකෝපකාරී ක්‍රියා වහාම නවත්වන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවාය.

දකුණු චීන මුහුද පිළිබඳ චීන-පිලිපීන ප්‍රශ්නයේ දී නිවැරදි දිශාව කුමක් ද යන්න ඉතා පැහැදිලි බව ඇය එහිදී පෙන්වා දුන්නාය. අදාළ තත්ත්වය සහ සිය ස්ථාවරය චීනය අවස්ථා රුසකදී පැහැදිලි කර ඇති බව ද ඇය කියා සිටියාය. ජාත්‍යන්තර නීතියට අනුකූල වීම සැබෑ අපේක්ෂාව නම්, පිලිපීන භූමියේ සීමාව නිර්ණය කෙරෙන 1898 ස්පාඤ්ඤ-ඇමරිකානු සාම ගිවිසුම සහ දකුණු චීන මුහුදේ පාර්ශ්වයන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රකාශය පිලිපීනය අනුගමනය කළ යුතුය. එහෙයින් ප්‍රකෝපකාරී ක්‍රියා සහ ජාත්‍යන්තර ප්‍රජාව නොමග යැවීම වහාම නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටින බව Mao Ning මහත්මිය එහිදී වැඩිදුරටත්  අවධාරණය ක‍ර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම