නේටෝ සංවිධානයේ ආසියාතික අනුවාදයක් නිර්මාණය කිරීමේ ඇමරිකාවේ උත්සාහයන්ට ගෝලීය ප්‍රජාවගේ දැඩි විරෝධය
2024-06-24 19:37:42
Share with:

ඇමරිකාව ආසියා-පැසිෆික් කලාපය තුළ නේටෝ සංවිධානයේ මැදිහත්වීමක් නිර්මාණය කිරීම‍ට උත්සාහ දැරීම පිළිබඳ ගෝලීය ප්‍රජාවගේ විරෝධය පළ වේ. CGTN සිදු කළ මෙම ගෝලීය අන්තර්ජාල මත විමසුමට අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 93.1ක් ඇමරිකාව නේටෝ හි ආසියාතික අනුවාදයක් නිර්මාණය කිරීමට සිය දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. 

ආසියා-පැසිෆික් කලාපයේ ආරක්ෂාව, දේශපාලන සංවාද සහ සාමකාමී සාකච්ඡා තුළින් සහතික කර  ගත යුතු බව එම ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කර ඇත. එමෙන්ම සීතල යුද්ධයක අවශ්‍යතාවන් මත ගොඩනැඟුණු නේටෝවේ ආසියාතික අනුවාදයක් නිර්මාණය කිරීමේ මෙම ප්‍රයත්නයන්ට දැඩි ලෙස විරුද්ධ වන බව ද ඔවුහු ප්‍රකාශ කළහ. ඇමරිකාව නිරන්තරයෙන් ආසියා-පැසිෆික් කලාපය තුළ නේටෝ ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීමට උත්සාහ දරමින් සිටී. ටෝකියෝවේ සිය නියෝජිත කාර්යාලයක් ස්ථාපිත කිරීමේ සූදානමක් මෙන්ම ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් ආසියා-පැසිෆික් මිත්‍ර පාර්ශ්වයන්‍ට නේටෝ සමුළුවට සහභාගී වීමට අවස්ථාව ලබා දීම සහ "නීති සහ රෙගුලාසි" මුවාවෙන් ආසියා-පැසිෆික් කලාපයේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමට ඇමරිකාව උත්සාහ දරමින් සිටී.

මෙම මත විමසුමට අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 91.2 ක් ප්‍රකාශ කරනුයේ ආසියා පැසිෆික් කලාපය තුළ නේටෝවේ කාර්යයන් සඳහා ඇමරිකාව සිදු කරන දැඩි මැදිහත්වීම් පිළිබඳව වඩාත් සුපරීක්ෂාකාරී විය යුතු බවයි. මේ වනවිටත් ඇමරිකාව ආසියා පැසිෆික් කලාපයේ "කුඩාපාර්ශ්වික" යාන්ත්‍රණ ගණනාවක් පිහිටුවා ඇත. එය කුමන්ත්‍රණකාරී අරමුණකින් නිර්මාණය වූ සීතල යුද සහ කණ්ඩායම් ගැටුම් මානසිකත්වයෙන් යුත් "කුඩා කවයක්" බව ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 82.8ක් එය විවේචනය කරමින් සඳහන් කර ඇත. එමෙන්ම නේටෝව ආසියාතික කලාපය තුළ ස්ථාපිත වුවහොත්, එය කලාපීය ගැටුම් තීව්‍ර කිරීමට මෙන්ම කලාපයේ මූලෝපායික සමතුලිතතාවය බරපතල ලෙස බිඳ දැමීමට හේතු විය හැකි බව ද ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 86.1ක් සිය කනස්සල්ල පළ කරමින් ප්‍රකාශ කර සිටී.

මෙම සමීක්ෂණය CGTN හි ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු භාෂාවලින් නිකුත් කර ඇති අතර, පැය 24ක් ඇතුළත පුද්ගලයන් 10,688ක් පමණ සිය මතය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම