චීන-යුරෝපා වෙළඳ ගැටුම් විසඳීමේ ඵලදායී මග දෙපාර්ශ්වය අතර සංවාදයයි
2024-06-24 21:48:36
Share with:

පසුගිය සතිඅන්තයේ චීන විදුලි වාහන සඳහා අතිරේක තීරුබදු පැනවීමේ යුරෝපා සංගමයේ සැලැස්ම සම්බන්ධයෙන් නව ප්‍රවණතාවක් මතුව ඇත. 

ඒ අනුව චීනයේ විදුලි වාහන කෙරෙහි යුරෝපා සංගමයේ සහනාධාර විරෝධී විමර්ශනය පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට චීනය සහ යුරෝපා සංගමය පසුගිය 22  වැනිදා එකඟ වූහ.

කෙසේ වෙතත්, මෑත වසරවලදී යුරෝපා සංගමය විසින් අඛණ්ඩව චීනයට එරෙහිව වෙළඳ ආරවුල් ඇති කරමින් සිටී. 2024 වසරේ සිට පමණක්, චීනයට එරෙහිව දැඩි වෙළඳ සහ ආයෝජන සීමා කිරීම් 31 ක් ක්‍රියාත්මක කර ඇත. 

නිදසුනක් ලෙස කාර්මික යෙදුමකින් තොරව, ඊනියා දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමේ මුවාවෙන්, යුරෝපීය කොමිසම ස්වාධීනව චීනයේ විදුලි වාහනවලට එරෙහිව සහනාධාර විරෝධී විමර්ශනය ආරම්භ කළේය. එම විමර්ශනයට ප්‍රමාණවත් සාක්ෂි මෙන්ම නීත්‍යනුකූලභාවයක් ද නොමැත. මීට අමතරව, ඇතැම් චීන මෝටර් රථ සමාගම්වලට අනුව, එම විමර්ශනයේදී නිෂ්පාදන කටයුතු පිළිබඳ සංවේදී තොරතුරු විශාල ප්‍රමාණයක් ලබා දෙන ලෙස යුරෝපීය කොමිසම ඉල්ලීම් කර ඇත. එය විමර්ශනයේ මුවාවෙන් රහස්‍ය කරුණු අනාවරණය කර ගැනීමේ උත්සාහයක් බව පැහැදිලි ය.  යුරෝපා පාර්ශ්වයේ මෙම ක්‍රියාවලිය සාධාරණ තරඟකාරීත්වය හා චීනයේ කර්මාන්ත සංවර්ධනය අඩපණ කිරීමක් වන අතර, සිය මිත්‍ර පාර්ශ්වයක් වන ඇමරිකාව වෙනුවෙන් කරන උපකාරයක් බව ඉන් මනාව පෙන්නුම් කෙරේ.

කෙසේ වෙතත්, මේ දිනවල යුරෝපා සංගමයට යුරෝපීය දේශපාලන කවයන් සහ කාර්මික කණ්ඩායම්වලින් ද බරපතල විවේචන එල්ල වෙමින් පවතී.  ජර්මනියේ ඩිජිටල්කරණ සහ ප්‍රවාහන අමාත්‍යවරයා මෙන්ම Volkswagen, BMW, Mercedes-Benz වැනි යුරෝපීය මෝටර් රථ සමාගම් අදාළ යුරෝපා සංගමයේ ක්‍රියාවලියට සිය විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. එවැනි විරෝධතා සහ චීනයේ ආර්ථික හා වෙළඳ ප්‍රතිවිරෝධතා පියවර කෙරෙහි ඇති වූ බියෙන්, සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳීමේ අවස්ථාවට යොමුව ඇත.

චීන-යුරෝපා වෙළඳ ඝට්ටනය උග්‍ර වනු දැකීම චීනයේ අපේක්ෂාව නොවන අතර, සංවාද හරහා එකිනෙකාගේ නීත්‍යනුකූල අවශ්‍යතාවලට ඉඩ සැලසීමට කැමැත්තෙන් සිටී. ඒ අතර යුරෝපා සංගමයේ සහ චීනයේ සහභාගිත්වයෙන් සංවාද ඔස්සේ දෙපාර්ශ්වයටම පිළිගත හැකි මෙන්ම දෙපාර්ශ්වයේම අවශ්‍යතා සඳහා ගැළපෙන විසඳුමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම