2023 වසරේ පලතුරු පරිභෝජනය ඉහළට
2024-06-24 17:05:17
Share with:

2023 වසරේ දී මෙරට පලතුරු පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 12.8ක්  දක්වා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මෙරට වාර්ෂික පලතුරු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 19.6ක් වන අතර 2023 වසරේ පලතුරු අපනයනය ද ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

2027 වනවිට මෙරට කෘෂිකාර්මික අංශයේ වර්ධනය සඳහා සකස් කළ සැලසුම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත පසුගිය දා භාර දී ඇති අතර, එහිදී පලතුරු නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම වැනි තාක්ෂණික පියවර රැසක් ද ඇතුළත් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම