මේ වසරේ සිදුවූ වෙඩි තැබීම්වලින් ඇමරිකාවේ 8000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව හෙළි වේ
2024-06-24 10:34:43
Share with:

ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක ඉකුත් සතිඅන්තයේ සිදු වූ වෙඩි තැබීම්වලින් දෙදෙනෙකු මිය ගොස්,  41 දෙනෙක් තුවාල ලබති.

Ohio ප්‍රාන්තයේ Columbus නුවර ඊයේ (23) සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

එසේම Missouri, Alabama සහ New York ප්‍රාන්තවල ද වෙඩි තැබීම් සිදුව ඇති අතර, ඒවායින් එක් පුද්ගලයෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

‘ඇමරිකාවේ අවි ප්‍රචණ්ඩත්ව ලේඛනය’නමැති වෙබ් අඩවිය පළ කළ සංඛ්‍යාලේඛන අනුව, ‍ජුනි 23 වැනිදා වනවිට, මේ වසරේ  පමණක් එරට 8016 කට වැඩි පිරිසක් විවිධ වෙඩි ප්‍රහාරවලින් මිය ගොස් තිබේ. 15000 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. මහා පරිමාණ වෙඩිතැබීම් 244 ක් සිදු ව ඇතැයි ද එම වෙබ් අඩවිය කියයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම