චීන ආයෝජන සීමා කිරීම් පිළිබඳ ඇමරිකාවේ යෝජිත නීතිවලට චීනයේ දැඩි විරෝධය
2024-06-24 16:14:43
Share with:

චීනයේ ආයෝජන සීමා කරමින් පසුගිය 21 වැනිදා ඇමරිකාව නිකුත් කළ යෝජිත නීතිවලට චීනය දැඩි විරෝධය පළ කරයි. ඊට එරෙහිව අදාළ පියවර ගනිමින් සිය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට චීනය සූදානම් බව ද චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අද (24) ප්‍රකාශ කර ඇත.

චීනයෙන් විසංයෝජනය කිරීමේ හෝ චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා කිරීමේ කිසිදු අදහසක් නොමැති බව ඇමරිකාව යළි යළිත් අවධාරණය කර ඇත. එසේ තිබියදී, ඇමරිකාව මෙම යෝජිත නීති නිකුත් කර තිබේ. එය ඇමරිකානු සමාගම් චීනයේ ආයෝජන සීමා කර චීන කර්මාන්තවල සාමාන්‍ය සංවර්ධනය යටපත් කිරීමට උත්සාහ දැරීමක් බව චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පෙන්වා දුන්නේය. ඊනියා ජාතික ආරක්ෂාව මුවාවෙන් ඉදිරිපත් කළ එම යෝජිත නීති රාජ්‍ය නායකයින් දෙදෙනාගේ සැන් ෆ්‍රැන්සිස්කෝ හමුවේදී ඇති කර ගත් එකඟතාවයන් ද උල්ලංඝනය කර ඇත. චීන සහ ඇමරිකානු ව්‍යවසායන් අතර සාමාන්‍ය ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවයට එය බලපාන අතර, ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ ක්‍රමයට මෙන්ම ගෝලීය කාර්මික සහ සැපයුම් දාමවල ආරක්ෂාවට ද හානි කරන බව හෙතෙම පැවසීය. ආර්ථික හා වෙළඳ ප්‍රශ්න දේශපාලනීකරණය කිරීම සහ එය අවියක් ලෙස යොදා ගැනීමේ ඇමරිකාවේ උත්සාහයන් වහාම නතර කළ යුතු අතර, චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සහයෝගීතාවය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම