ඇමරිකාව චීන තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳව චීනයෙන් යළි දැඩි පියවර
2024-06-24 18:40:28
Share with:

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීමට එරෙහි චීනයේ පියවර සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

ඇමරිකානු Lockheed Martin සංස්ථාවට හා එම සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු පිරිසට එරෙහිව සම්බාධක පැනවීමේ තීරණය පසුගිය 21 වනදා චීන විදේශ අමාත්‍යංශ වෙබ් අඩවියෙන් නිවේදනය කෙරිණ. මේ සම්බන්ධයෙන් අද (24) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය චීනයේ ස්ථාවරය පැහැදිලි කළාය.

ඇමරිකාව චීන තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම එකම චීනය මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන දැඩි ලෙස උල්ලංඝනය කිරීමකි. එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට සිදු කරන දැඩි මැදිහත්වීමක් වන අතර චීනයේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවයට ද දැඩි ලෙස හානි කිරීමක් බව ඇය අවධාරණය කළාය. සිය රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමේ චීන රජයේ හා ජනතාවගේ දැඩි අධිෂ්ඨානය සහ හැකියාව කිසිදු රටක්, සංවිධානයක් හෝ පුද්ගලයෙකු අවතක්සේරු නොකළ යුතු ය. තායිවාන ප්‍රශ්නයේදී සීමාව ඉක්මවා යාමට උත්සාහ කළහොත් වන්දි ගෙවීමට සිදු වන බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම