සයිබර් අපරාධ-අපචාර දැනුවත් කිරීමට පාසල් ඉලක්ක කර ආරක්ෂණ වැඩසටහනක්
2024-06-23 16:15:50
Share with:

සමාජ මාධ්‍ය වේදිකා භාවිතය සම්බන්ධව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුභවතුන් දැනුවත් කිරීමේ සයිබර් ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාවට නැංවේ. සමාජ මාධ්‍ය ආශ්‍රිතව දිනපතා වාර්තා වන විවිධ සයිබර් අපරාධ හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කර ආරක්ෂාකාරීව කටයුතු කිරීමට අවශ්‍ය දැනුම ලබා දීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා සර්ට් ආයතනයත් එක්ව එම වැඩසටහන සංවිධානය කර ඇත.

සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතය පිළිබඳ ඇති නොදැනුවත්භාවය සහ නොසැලකිල්ල හේතුවෙන් පාසල් දරුදැරියන් අවස්ථා ගණනාවකදීම සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරු බවට ද පත්ව තිබේ. කලාප අධ්‍යාපන කාර්යාල හා පළාත් මට්ටමින් තොරතුරු තාක්ෂණ විෂයය උගන්වනු ලබන ගුරුවරුන් හා ජ්‍යෙෂ්ඨ පාසල් සිසු සිසුවියන්ගෙන් සමන්විත කණ්ඩායම් පුහුණු කර, ඒ කණ්ඩායම් හරහා විවිධ සයිබර් අපරාධ පිළිබඳ දැනුවත් කිරීමත්, එවැනි අපරාධවලින් ආරක්ෂා විය හැකි ආකාරය පිළිබඳ පුළුල් දැනුමක් හා අවබෝධයක් ලබා දීමත් මේ වැඩසටහන මඟින් සිදු කෙරේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම