තෙත්බිම් සංරක්ෂණයට කඩිනම් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
2024-06-23 16:06:21
Share with:

තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී සහ පරිසර සංරක්ෂණයේදී බාහිරින් අරමුදල් ලැබෙන තුරු බලා සිටීමෙන් ඵලක් නොවන බව‍ ද පරිසරය හා බැඳුණු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ට අවශ්‍ය අරමුදල් තමන්ම සොයා ගැනීමට නිවර්තන කලාපීය රටවල් කටයුතු කළ යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ පළමු වැනි ආසියානු සහ ඕෂනියා සබැඳි සමුළුවේ සමාප්ති උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකශ කළේය.

සංවර්ධනය සහ ජනගහණයේ ව්‍යාප්තිය සමඟ අද රට පුරා තෙත්බිම් අහිමි වෙමින් පැවතීම හේතුවෙන් එය සංරක්ෂණය කර ගැනීමට කඩිනම් අවධානය යොමු කළ යුතුය. මෙම වැඩපිළිවලට සමගාමීව දකුණු පළාතේ තෙත්බිම් අක්කර 1,000 කට වඩා වැඩි ප්‍රදේශයක් සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම