චීනයේ විශාලම අක්වෙරළ තෙල් බිමේ තෙල් නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළට
2024-06-23 17:14:51
Share with:

චීනයේ විශාලම අක්වෙරළ තෙල් බිමේ තෙල් නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළ යයි. චීනයේ බෝ හයි බොක්කේ උතුරු ප්‍රදේශයේ පිහිටි Suizhong 36-1 තෙල් බිම චීනයේ විශාලම අක්වෙරළ තෙල් බිම යි. අද (23) වන විට එහි සමුච්චිත බොර තෙල් නිෂ්පාදනය ටොන් කෝටි 10ක් ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ. ඒ සමග Suizhong 36-1 තෙල් බිම ටොන් කෝටි 10කට වැඩි බොර තෙල් නිෂ්පාදනය කළ චීනයේ පළමු අක්වෙරළ තෙල් බිම බවට පත්ව තිබේ.

1993 වසරේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වූ එම තෙල් බිමේ සමස්ත ඛනිජ තෙල් සංචිතය ටොන් කෝටි 30ක් බව මෙතෙක් සොයාගෙන ඇත. Suizhong 36-1 තෙල් බිමේ දෛනික ‍බොර තෙල් නිෂ්පාදනය ටොන් 8900කි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම