චීන ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපතිවරයා රුසියාවේ සංචාරයක
2024-06-23 16:49:34
Share with:

රුසියාවේ ජාතික ව්‍යවස්ථාදායක සභාව වන ඩුමා හි ඇරයුමට අනුව චීන ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති Peng Qinghua මහතා ප්‍රමුඛ කණ්ඩායම පසුගිය 19 වනදා සිට 23 වනදා දක්වා රුසියාවේ සංචාරයක නිරත විය. එම සංචාරය තුළ Peng Qinghua මහතා, රුසියාවේ ජාතික ඩුමා සභාපති Vyacheslav Volodin මහතා, රුසියා ෆෙඩරල් කවුන්සලයේ උප සභාපති Konstantin Kosachyov මහතා හමු විය. එමෙන්ම Peng Qinghua මහතා හා ඩුමා උප සභාපති Alexander Babakov මහතා ඒකාබද්ධව චීන රුසියා පාර්ලිමේන්තු සහයෝගිතා කමිටුවේ ඒකාබද්ධ ක්‍රියාකාරී මණ්ඩලයේ දෙවැනි සමුළුවේ මුලසුන දරා තිබේ.

චීන රුසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 75 වන සංවත්සරය මේ වසරට යෙදී ඇත. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා රුසියානු ජනාධිපති Vladimir Putin මහතාගේ උපායමාර්ගික ප්‍රධානත්වය යටතේ දෙරටේ සබඳතාව තිරසරව උසස් මට්ටමේ පවතින බව Peng Qinghua මහතා එහිදී පැවසීය. චීන රුසියා නීති සම්පාදක ආයතන සහයෝගිතාව, නව යුගයේ දෙරටේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාවේ වැදගත් කොටසකි. රුසියාව සමග දෙරටේ නීති සම්පාදක ආයතනවල විශේෂ වාසි හා වැදගත් කාර්යභාරය බිහි කරමින් දෙරටේ සබඳතාව යහපත් ‍මෙන්ම ස්ථීර ලෙස වර්ධනය වීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම අවධාරණය කළේය.

චීන-රුසියා නායකයන්ගේ එකඟතාව ක්‍රියාවට නැංවීම යටතේ නීති සම්පාදක ආයතන සහයෝගිතා තවදුරටත් පුළුල් කරමින් දෙරටේ විස්තීරණ උපායමාර්ගික සහයෝගිතාව ගැඹුරු කිරීම හා දෙරට ජනතාවගේ මිතුදම වැඩිදියුණු කිරීමට කැපවීමට රුසියාව කැමැත්තෙන් සිටින බව රුසියාවේ නිලධාරීන් පවසා ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම