චීන නියෝජිත පිරිසක් මහජන ආරක්ෂක ඇමතිවරයා හමුවෙයි
2024-06-23 16:12:38
Share with:

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින චීනයේ සිචුආන් පළාතේ උප ආණ්ඩුකාර සහ මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් YE Hanbing මහතා ඇතුළු නියෝජිත පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවිය.

ශ්‍රී ලංකාව තුළ අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම නියෝජිත පිරිසේ ප්‍රශංසාව ද ශ්‍රී ලංකා රජය වෙත පළ කෙරිණ. ඉදිරියේදී පරිගණක අපරාධ ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව කලාපීය රටවල් රැසක මේ වනවිට අවධානය යොමුවී ඇති බවත් ඊට දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය ද චීන නියෝජිත පිරිස පෙන්වා දෙනු ලැබීය.

තාක්ෂණය, දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ඒ සඳහා වැඩසටහන් ආරම්භ කීරීමට ඇති අවශ්‍යතාව පිළිබඳව අමාත්‍ය ටිරාන් අලස් මහතා එම නියෝජිත පිරිසට පැහැදිලි කළේය.

ඉදිරියේදී චීනයේ සිචුආන් පළාතේ පැවැත්වීමට නියමිත පොලිස් සමුළුව සඳහා සහභාගී වන ලෙස චීන දූත පිරිස, අමාත්‍ය ටිරාන් අලස් මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසකට ආරාධනා කර ඇත.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම