චීන-ප්‍රංශ උසස් අධ්‍යාපන සංසදය පැරිසියේ පැවත්වෙයි
2024-06-23 16:36:09
Share with:

චීන අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රංශ උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද චීන-ප්‍රංශ උසස් අධ්‍යාපන සංසදයක් සිකුරාදා පැරිසියේදී පැවැත්විණ.

දෙරටේ විශ්ව විද්‍යාල අතර ගැඹුරු හුවමාරුව ප්‍රවර්ධනය කිරීම, අධ්‍යාපනය සහ විද්‍යාත්මක පර්යේෂණවල සහයෝගීතාව පුළුල් කිරීම, අධ්‍යාපනය සහ කර්මාන්ත අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ අධ්‍යාපනයේ චීන-ප්‍රංශ සහයෝගීතාව ඉහළ මට්ටමකට ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම සංසදය පවත්වන බව චීන අධ්‍යාපන අමාත්‍ය Huai Jinpeng මහතා සිය කතාවේදී පැවසීය.

ප්‍රංශයේ උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය Sylvie Retailleau මහත්මිය ප්‍රකාශ කළේ චීනය සහ ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වැනි සංවත්සරය සහ චීන ප්‍රංශ සංස්කෘතික හා සංචාරක වර්ෂය මේ වසරට යෙදෙන බවයි. මෙම සංසදය දෙරට අතර අධ්‍යාපන සහයෝගීතා ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන අතර, එමඟින් විශ්වවිද්‍යාල අතර සහයෝගිතාව මෙන්ම දෙපාර්ශවයේ සිසුන් සහ විද්වතුන් හුවමාරු කර ගැනීම ඵලදායී ලෙස මෙහෙයවනු ඇත.

දෙපාර්ශ්වයේ විශ්ව විද්‍යාල නියෝජිතයින් සහ ශිෂ්‍ය කණ්ඩායම්, දේශගුණික විපර්යාස සහ තිරසාරභාවයේ සමතුලිතතාවය සහ අන්‍යෝන්‍ය බව වැනි මාතෘකා පිළිබඳව සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කෙරිණ.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම