චීන තායිවාන බෙදුම්වාදීන්ට දඬුවම් කිරීම පිළිබඳ අධිකරණ ලේඛනයෙන් චීනයේ ස්ථාවරය පැහැදිලි කෙරේ
2024-06-22 22:35:00
Share with:

පසුගිය 21 වනදා චීනය නිකුත් කළ තායිවාන ප්‍රශ්නය පිළිබඳ අධිකරණ ලේඛනයක් ගෝලීය අවධානයට ලක්ව තිබේ. එදින චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණය, චීන මහජන උත්තරීතර පැමිණිලි සැපයුම් මණ්ඩලය, මහජන ආරක්ෂක අමාත්‍යංශය, ජාතිකාරක්ෂක අමාත්‍යංශය හා අධිකරණ අමාත්‍යංශය ඒකාබද්ධව දරදඬු චීන තායිවාන බෙදුම්වාදීන් රට බෙදීම හා ඊට උසිගැන්වීමේ අපරාධයට නීත්‍යනුකූලව දඬුවම් කිරීම පිළිබඳ උපදෙස් නිකුත් කළේය. මෙය, තායිවාන බෙදුම්වාදීන් වෙත චීනය ක්‍රියාත්මක කරන විධිමත් ම දැඩි ක්‍රමවලින් එකක් බව ජගත් ප්‍රජාවේ ජනමතය වී තිබේ. තායිවාන බෙදුම්වදීන්ගේ ක්‍රියාකාරකම් මර්දනය කිරීම හා රටේ එක්සත්වීම රැකගැනීම එහි අරමුණයි.

පසුගිය කාලය තුළ දරදඬු චීන තායිවාන බෙදුම්වාදීන්ගේ ක්‍රියාකාරකම් තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය හා ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන අතර ඉන් තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස ස්වදේශිකයන්ගේ පොදු ප්‍රතිලාභ හා චීන ජාතික මූලික ප්‍රතිලාභයට හානි සිදුව තිබේ. ඒ සම්බන්ධයෙන් නිකුත් කළ එම උපදෙස් ඔස්සේ තායිවාන බෙදුම්වාදීන් හා බාහිර මැදිහත්වීම්වලට එරෙහිව චීනය පළ කරන විරෝධය, ජාතික ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ දැඩි අධිෂ්ඨානය හා ප්‍රබල හැකියාව පිළිබිඹු කරයි.

තායිවාන බෙදීම, තායිවාන තත්ත්වය උග්‍රවීම ජනතාවගේ ප්‍රතිලාභවලට හානි සිදුවීමේ ප්‍රධාන හේතුවක් බවද තායිවාන බෙදුම්වාදීන්ගේ සාපරාදී ක්‍රියාවන්ට නීත්‍යනුකූලව දඬුවම් කිරීම පමණක් මගින් තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සාමකාමී සංවර්ධනයේ ප්‍රතිලාභ තායිවාන ජනතාවට ලබා ගත හැකි බවද එම උපදෙස් වලින් තායිවාන ජනතාවට තවදුරටත් දැන ගත හැකි ය.

චීන ජාතික ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට අභියෝග කරන ඕනෑ ම වෑයමක් අනිවාර්යෙන් ම අසාර්ථක වේ. එමෙන්ම ඊට නීතිමය දඬුවම් ලැබෙනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම