EPF ගෙවීම පැහැරහැර ඇති ආයතනවලට එරෙහි නඩු 15,000ක්
2024-06-22 15:51:32
Share with:

සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැර හැර ඇති ආයතනවලට එරෙහිව මේ වන විට නඩු 15,000ක් පමණ ක්‍රියාත්මක වන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වෙයි.

එසේම 2021 දෙසැම්බර් 31 වන විට නඩු 5,000කට ආසන්න ප්‍රමාණයක් අක්‍රිය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇති තිබේ. අදාළ ආයතන එම ලිපිනයන්හි මේ වන විට නැති වීම හෝ අධ්‍යක්ෂ මණ්ඩල විදේශගත වීම වැනි හේතු සාධක මේ සඳහා බලපා ඇති බව කම්කරු අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇත.

මේ අනුව සියලු දිස්ත්‍රික්වල අර්ථසාධක අරමුදල් ගෙවීම් පැහැරහැර ඇති සේවා යෝජකයන් පිළිබඳ තොරතුරු සහ අදාළ සියලු විස්තර සහිත වාර්තාවක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා නියෝග කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම